Sunday, November 9, 2014

සුවඳ නැති කෑම මොකටද?

ආහාරයක රුචිකත්වය වඩන්නට හුඟාක් පිරිස් වර්ණ ගැන්වීම ආදී නොයෙක් දේ අනුගමනය කරනවා.වර්ණය වගේම සුවඳත් එහි වැදගත්ම කොටසක්.රම්පෙ,කරපිංචා,කුරුඳු,සේර වැනි අතිරේක ද්‍රව්‍ය ආහාරයකට එකතු කිරීමේ ප්‍රධානම අපෙක්ෂාව සුවඳ උවත් මෙය පරි රක්ෂකයක් වගෙම රුචිකත්වය වඩාලීමේ උපකාරකයක් ද වෙනවා.

අප ආහාරයක් බඩ පිරෙන්න නෙමෙයි හිත පිරෙන්න. මොලයේ තියෙනව ඉතා සංවේදී කොටස්,එමඟින් සුවඳ සහ රසය මිශ්‍රවෙලා අපට සංවෙදන කරනවා. මේ සුවඳ ''ඇපටයිම්'' නිසා ආහාර රුචිකත්වයක් ඇතිවෙනවා. මේ රුචිකත්වය වැඩිවෙත්ම ආහාර ගැනීමේ අවශ්‍යතාවයේද වැඩිවිමක් සිදුවෙනවා.
ඇතැම් වෑංජන මස් මාංශ වර්ග අප බෙදා ගන්න ප්‍රමාණයවත් කෑමට ගත නොහැකි තත්වයක් තිබෙනවා. නමුත් මේ තත්වය මඟහැරීමක් ඉහත කී අතිරේක ආහාර ද්‍රව්‍ය යොදාගැනීමෙන් සිදුවෙනවා. තවත් දෙයක් තමයි මෙහි පරිරක්ෂක ස්වභාවය.ඇඹුල් තියල් මීට හොඳම උදාහරණය. මෙයට යොදන ''ගොරක''නිසා මාලු යම් කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.

වැදගත්ම කාරණය තමයි ආහාර සඳහා යොදා ගන්නා කරපිංචා. ඇතැම් පිරිස් මෙය ඉවතලනවා. නමුත් එයද ආහාරයට ගැනීමෙන් කොලොස්ට්‍රෝල් ප්‍රමාණය අඩුකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම විටමින් ඒ වගේම විටමින් ඒ ද ඔබේ ශරිරයට ලබා ගැනීමෙන් එකී විෂ නැසීමේඒ වගේම විටමින් ඒ ද ඔබේ ශරිරයට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ සාදා ගන්නා ආහාරයේ යම් කිසි විෂක් නිෂ්පාදනය වී ඇත්නම් මේ කහ,ඉඟුරු යොද ගැනීමෙන් එකි විෂ නැසීමේ හැකියාවක් තිබෙනවා. තව දෙයක්,කුරුඳු ගත්තහම ඒ තුළ තිබෙනවා ශරීරයේ සීනි තත්වය පාලනය කිරීමේ හැකියාව. එමඟින් දියවැඩියාව වැනි රෝග තත්වයන්ගෙන් මිදිමට ද පුලුවන්.

ආපනශාලා තුල බත් පිසීමේදී පවා රම්පේ යොදා ගැනීමට පෙළඹිලා තියෙනවා.එමඟින් සුවඳ රසය මේ හැමදේම ලැබෙනවා. නමුත් ඇතැම් ආපනශාලා හිමියන් බත් පිසිමේදි ඒ තුලට කරුංකා ගෙඩියක් කැබැලිකර මෙයට එකතුකරනවා. එවිට හැකිතරම් බෙදාගෙන කෑමේ හැකියාව තිබුණත් අපි හිතනතරම් ආහාරයට ගන්නට නොහැකියි. එවැනි ආයතනයත් නැතුවාම නොවෙයි. කෙසේ උවත් මේ කුළුබඩු ආහාරයට එකතුකිරිමෙන් සුවඳ,රසය,ආහාර රුචිකත්වය,පරිරක්ෂණය වගේම පෙනිමඔබේ සමේ පැහැයද වර්ධනය කරගැනීමේ හැකියාවද තිබෙනවා. ඔබ නිරෝගීමත් ලස්සන දිවිපෙවෙතක් ගතකිරීමේ භාග්‍යයට උරුමකම් කියනවාද යන්න ඔබම මදක් සිතාබලන්න.

No comments:

Post a Comment