Wednesday, December 17, 2014

කෙසෙල් මුවවලින් සම්බෝලෙයක් හදමු

 කෙසෙල් මුවවලින් සම්බෝලෙයක් හදමු



"සම්බෝල" කියන්නෙ දුප්පත් පෝසත් බේදයක් නැතුව කන්න කැමති, කිව්ව ගමන් කටට කෙළ උනන කෑමක්. විවිධ විදියේ සම්බෝල වර්ග තියනවා.
හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.
අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.

"කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා. අද කාලෙ කොහෙද අපේ ගෙවල්වල කෙසෙල් ගස්.
කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි. මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.
ඇත්තටම අපි විහිළුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි.
කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.
පටන් ගමු හදන්න.
ලපටි කෙහෙල් මුවක්
හීනියවට ගා ගත් පොල් මිටක් පමන
උම්බලකඩ කුඩු ටිකක්
රතු ලූණු ටිකක්
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමන
රස අනුව ලුනු කුඩු
දෙහි
කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න
ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා)
මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න.
රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න.
අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.
දැන් ඔබට රසවත් කෙසෙල් මුව සම්බොලයේ රස බලන්න පුළුවන්.

Saturday, November 29, 2014

පාන් පුඩිම| bread pudding

පාන් පුඩිම| bread pudding

මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ අලුත් අවුරුදු කාලෙට නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි. ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්, සිංහලෙන් පාන් පුඩිම..හිහී..
එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි - මිලි ලීටර් 100
බිත්තර - 2
සීනි - ග්‍රෑම් 125
පාන් පෙති - 4
වියලි මිදි-ග්‍රෑම් 10
සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්)

 මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,
ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.

ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න
.ඒක බේක් වෙනකන් උයනකොට කුස්සිය අනිත් පැත්ත පෙරලන අය ඉන්නව නම් කුස්සිය අස් කරන්න.
විනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.



 දැන් තියෙන්නෙ එළියට අරන් නිවෙන්න තියල කන්න තමා.මේක නිකන් කන්නත් පුළුවනි.ගොඩක් වෙලාවට හෝටල් වල එහෙම නම් දෙන්නෙ නිකන්.මම නම් හැදුවොත් කන්නෙ මගේ ප්‍රියතම කෑම එක්ක.අයිස් ක්‍රීම් එක්ක.එතකොට රසයි.පැණි එක්කත් රසයි.හදලා බලන්නකෝ ලේසියි වගේම සාක්කුවටත් බරක් නෑ...

Tuesday, November 25, 2014

චීස් කොත්තු

චීස් කොත්තු

කැමති කෑමක්.
චිකන් කොත්තු, බිත්තර කොත්තු, එළවළු කොත්තු විතරක් නෙමේ දැන් ඔන්න චීස් කොත්තුත් තියනවා.
හැමදාම කන සාමාන්‍ය කොත්තුව වෙනුවට වෙනස් කෑමක් කන්න හැමෝම කැමති වෙයි. ඒ නිසාම අපි හිතුව චීස් කොත්තු හදන විදිය කියල දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය 
රොටි 600g
කැරට් 50g
ගෝවා 50g
ලීක්ස් 100g
බිත්තර 4ක්‍
ළූණු ලොකු ගෙඩියක්
ගම්බිරිස් තේ හැඳි 2ක්
කෑලි මිරිස් මේස හැඳි 2ක්
සෝයා සෝස් මේස හැඳි 2ක්
අමු මිරිස් කරල් 5ක්
සුදු ළූණු බික් 5ක්
ලුණු අවශ්‍ය පමණට
රම්පෙ කරපිංචා ස්වල්පයක්
ඉඟුරු කැබැල්ලක්
එළවළු හොදි අවශ්‍ය පමණට
චෙඩා චීස් 200g
තෙල් මේස හැඳි 2ක්

එළවළු හොද්දට අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි කැරට් ගෙඩියක්
ලීක්ස් පොඩි ගහක්
ළූණු ගෙඩියක්
සුදු ළූණු බික් 3ක්
තක්කාලි ගෙඩි 3ක්
රම්පෙ කරපිංචා ස්වල්පයක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගම්බිරිස් මේස හැඳි 2ක්
තුනපහ කුඩු තේ හැඳි 2ක්
ලුණු අවශ්‍ය පමණට
තෙල් මේස හැඳි 2ක්
පොල්කිරි දියකිරි හා මිටිකිරි
මුලින්ම භාජනයක් ලිප තබා තෙල් ටික එක්කරන්න. එයට සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු අඩිය දමා කලවම් කර එයටම බිත්තර ටික එක් කරගෙන කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු දමා පසුව කපාගත් ගෝවා, ලීක්ස්, එළවළු කැබලි දමාගන්න. ඉන්පසු කොටු හැඩයට කුඩාවට කපාගත් රොටි කැබලිද එයට එක් කර සාදාගත් එළවළු හොදි ඇති පමණට එක් කරන්න. මෙයටම සෝයා සෝස් හා අවසානයේ චීස්ද එක් කර රසගන්වන්න.


www.supremenet.biz

Sunday, November 23, 2014

හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු


ඔබට කවදා හෝ තරු පහේ හෝටලයක කෑමකට ගොස් ඇති.
එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඔබ හිතයි මොකටද මම හැඳිගෑරුප්පු වලින් කන්න ඉගෙන ගන්නේ කියල. කෙසේ වෙතත් ඕනෑම දෙයක් පිලිබඳ දැනුම ලබාගෙන තිබීම වැදගත්නේ. අනික් කාරණය වන්නේ ඔබට මේ සිරිත් අනිවාර්යෙන්ම භාවිත කරන්න ඕන කියල ගැටළුවකුත් නෑ . මොකද බොහෝ විට මේ ආහාර ගැනීමේ සංස්කෘති කීපයක්ම ලෝකය තුල පවතින නිසා. වැදගත් වන්නේ අනිත් අය අපහසුතාවයක් නොවන පරිදි ප්‍රසන්න ලෙස ආහාර ගැනීම පමණයි. ඒ නිසා අපි හිතුව සුපිරි හෝටලයකට කෑමකට ගියාම අනුගමනය කරන්න ඕන සිරිත් ටිකක් ඔබට කියල දෙන්න.

ඔබ ආහාර ගැනීමට පෙර මෙසට මත තිබෙන අත් පිස්නාව (napkin )ඔබේ උකුල මත එල ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය මත ඉඩ මදි වෙන්න පුළුවන්. ඒවගේම ඔබ නූඩ්ල්ස් හෝ සුප් වැනි දියරමය වැගිරෙන සුළු දෙයක් ආහාරයට ගන්නවානම් අත් පිස්නය (napkin ) ඔබේ බෙල්ලේ රඳවාගැනීම වැඩ හොඳයි.
මෙයින් ආහාර ඔබේ ඇඳුම් මත වැටීම වැළකෙනවා. ඒවගේම ආහාර ගන්න අතරමග ඔබ මේසයෙන් නැගිට යනවනම් අත්පිස්නාව මේසය මත ඔබේ ගෑරුප්පුවට වම් පැත්තෙන් තබා යාම උචිතයි.

මීලගට වැදගත් වන්නේ කෑම ගන්නා පිලිවෙලයි. යුරෝපීය ක්‍රමයට අනුව කෑම වේල කොටස් කිහිපයකට බෙදා සංග්‍රහ කෙරෙනවා. එවැනි කෑම වේලකදී මුලින්ම ගත යුත්තේ සුප් එකකි, සුප් එක සමග පාන් හෝ බනිස් වර්ගයක් පිළිගන්වයි . එසේත් නොමැතිනම් සුප් එක නොමැතිව පාන් හෝ බනිස් බටර් සමග ලබා දිය හැක. මේ සියල්ලට පසුව තමයි ප්‍රධාන කෑමවෙලා ලබාගැනීම සිදු කරන්නෙ. නමුත් ඔබට අවශ්‍ය නම් වෙනත් අමතර ආහාර වලින් තොරවම ප්‍රධාන ආහාර වේල භුක්ති විඳින්න පුළුවන්.
ඔබ සුප් පානය අතර තුර පාන් පෙත්තක් හෝ බනිස් ගෙඩියක් කෑමට ගත හැක. මුලින්ම පාන් පෙත්ත හෝ බනිස් එක සපයා ඇති පොඩි පිගානකට දමාගෙන සුප් පානය කරන අතරතුර පාන් පෙත්ත හෝ බනිස් එක අත භාවිතා කරමින් ආහාරයට ගන්න . එසේම ඔබට අවශ්‍යනම් පාන් සුප් වල පොගවාගෙන කන්නත් පුළුවන්. සුප් ටිකක් හැන්ඳට පුරවා පාන් කැබැල්ල හැන්ද තුල ඇති සුප් වල බහා පාන් කෑල්ල ආහාරයට ගත හැක.

උපකරණ භාවිතය

සාමාන්‍යයෙන් අපි නොදන්නම දෙයක් තමයි හරි විදියට ආහාර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියල. සාමාන්‍යයෙන් හැදි හා පිහි තබන්නේ දකුනු පසිනි. ගෑරුප්පු වම් පසින් තබනු ලබයි. මුලින්ම භාවිතා කල යුත්තේ පිටතින්ම ඇති හැන්ද හා ගෑරුප්පුවයි.

ගෑරුප්පුව භාවිතා කිරීමට කැමති අතක් භාවිතාකල හැක. නමුත් ගෑරුප්පුව හා හැන්ද එකම විට භාවිතා කරන විට ගෑරුප්පුව වම් අතෙහි තිබිය යුතු වේ . කෑම ගෙන ඉවර වූ පසු ගෑරුප්පුව හා පිහිය පිගාන මත තැබිය යුතුය. මේසය මත තියන හැඳි වලින් ලොකුම හැන්ද සුප් බිම සඳහා තමයි භාවිත කරන්නේ. ඒවගේම තිරස් ලෙස තබා තිබෙන උපකරණ යොදාගන්නේ අතුරුපස රස විඳීම සඳහා පමණයි.

අවම වශයෙන් වීදුරු වර්ග තුනක් කෑම මේසය මත විය යුතුය. සුදු වයින් සදහා හා රතු වයින් සදහාය. මීට අමතරව වතුර සදහා තවත් වීදුරුවක් වේ. විශාලම වීදුරුව රතු වයින් සදහා වේ. ඉතිරි දෙකෙන් කුඩා කට සහිත වීදුරුව සුදු වයින් සදහා වන අතර ඉතිරි වීදුරුව වතුර සදහා වේ.

පාන් හෝ බනිස් බටර් සමග ආහාරයට ගන්නා විට මුලින්ම බටර් ගෙන කුඩා පිගානකට දමා ගන්න. ඉන්පසු බටර් පාන් පෙත්තට ගා ගැනීමට බටර් ගෑමට ගන්නා පිහිය යොදාගන්න. දකුනු අතින් පිහිය ගෙන තම පිගාන මත ඇති බටර් වලින් ටිකක් ගෙන එය පාන් පෙත්ත මත ගාගන්න.

බටර් ගාගැනීමට අවසන් වූ පසු පිහිය පාන් ආහාරයට ගන්නා පිගාන මත දකුනු පසට වන්න තබන්න. පාන්, බනිස් අතින් කඩා ගෙන කෑම ප්‍රශ්නයක් නොවේ.
ඔබ ආහාර ගන්න අතරතුර මදකට නවත්වනවානම් භාවිත කරන හැන්ද සහ ගෑරුප්පුව පිගන මතම තිබීමට සැලැස්විය යුතුයි. ආහාරගෙන අවසන් නම් පහත ආකාරයට උපකරණ තැබිය යුතුයි.

ඒවගේම ඔබ භාවිත කල පිහියේ මුවහත පිගන මැදට සිටින සේ තැබීම සුදුසුයි. යම්කිසි පුද්ගලයෙක් ඔබේ උපකරණ වැරදීමකින් භාවිත කරන බව දැක්කොත් ඔබට පුළුවන් සේවකයෙකු අමතා ඔබ සඳහා නැවත එකක් ලබාගන්න.





supreme lanka 



Friday, November 21, 2014

කකුළු බැඳුම fried crabs

කකුළු බැඳුම  fried crabs

කකුළුවන් කන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ නිසාම අපි කියලා දෙන්න හදන්නේ කොහොමද කටට රසට කන්න කකුලුවන් බැදුමක් සාදා ගන්නේ කියලා.


අවශ්‍ය ද්‍රව්‍ය

කලපු කකුළුවන් 500
ලුණු පදමට
දෙහි පදමට
ගම්මිරිස් පදමට
කකුලුවන් බැද ගැනිමට තෙල්

සාදන ක්‍රමය
කකුළුවන් කපා හොඳින් පිරිසිදු කර රත් වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න. ලුණු දෙහි ගම්මිරිස් එකට මිශ්‍ර කර ගන්න. දැන් සුදුසු භාජනයක් ලිප තබා හොඳින් රත් වන්නට හැර බැදගත් කකුළුවන් සහ සාදා ගත් මිශ්‍රණය දමා ගින්දර වැඩි කර කලවම් කර ගන්න.

Thursday, November 20, 2014

බිම්මල් කරියක් හදමු Mushroom Curry

බිම්මල් කරියක් හදමු Mushroom Curry

බිම්මල් කියන්නේ ලොකු පුංචි කවුරුත් එක වගේම කන්න කැමැති ඉතාමත් ගුණ දායක කෑමක්.
කුකුළු මස් කරියක් වගේ හදා ගත්තම එකක් එක්ක වුණත් කන්න පුළුවන් කියන එක තමයි හැමෝගෙම මතය.

ඉතින් ඒකට ඕන මෙන්න මේවා
බිම්මල් ග්‍රෑම් 350 
කපාගත් රතුලූනු ග්‍රෑම් 50
කපාගත් අමු මිරිස් කරල් 04
සුදුලූනු බික් 04
කරපිංචා කිනිත්තක්
තුන පහ කුඩු තේ හැඳි 1/2
තක්කාලි ගෙඩි 01
පදමට ලුණු
තෙල් මේස හැඳි 02
මිටි කිරි අඩු කෝප්ප 01

සාදන ක්‍රමය
බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. මැටි වලඳක් ලිප තබා එයට තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකර දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.

Monday, November 10, 2014

පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla

පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla


මේක ස්පාඥයේ සම්ප්‍රදායකකෑමක්. ඒ වගේම අංග සම්පූර්ණ අහාර වේලක්. අපේ ඔම්ලට් එකට ටිකක් සමාන නමුත් ඊට වඩා ටිකක් ගනකමින් වැඩියි, මෘදුයි .
මේක හදන්න ඉතාම සුළු දේවල් ටිකක් තමයි ඕන කරන්නේ. අල ළුණු වගේ. හැබැයි හැදුවට පස්සේ වෙන කිසි දෙයකට සමාන කරන්න බැහැ !

හතර දෙනෙකුට අවශ්‍ය කරන අමුද්‍රව්ව්‍ය ..

- කහපාට අර්තාපල් කිලෝ 1.
- ලොකු රටළුණු ගෙඩි 1.
- බිත්තර 4
- පර්ස්ලි (Prezzemolo)
- බදින්න තෙල්.

මුලින්ම අල සුද්දකර සේ.මී 1ක් පමණ කෑලි  වලට කපා  ගන්න. රටළුණු ගෙඩියත් ලොකුවට කපාගන්න. ලොකු තාච්චියක තෙල් රත්කර අල කැබලි දමන්න.මදගින්නේ බැදෙන්න හරින්න.
මෙය හෙමිහිට බැදුණු පසු කපාගත් රටළුණු සහ ලුණු කුඩු එක්කර කලවම් කරන්න. මද වෙලාවකින් ඉවතට ගෙන වැඩිපුර  තෙල්  ඉවත් කිරීමට පෙනේරයක විනාඩි 15-20 පමණ දමා තබන්න.
මේ අතර බිත්තර ගසා ලුණු සහ පර්ස්ලි එක්කර බැදගත් අල සමග මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය තාච්චියට දමා මදගින්නේ විනාඩි 10ක් පමණ බැදගන්න. පියන ආධාරයෙන් තොර්තිල්ලා එක හරවා අනිත් පැත්තත් බද ගන්න.
දැන් මේසයට යවන්න සුදානම්.
පර්ස්ලි කොළ ටිකක් උඩින් දමා සරසා උනුවෙන්ම කෑමට ගන්න.