Saturday, November 29, 2014

පාන් පුඩිම| bread pudding

පාන් පුඩිම| bread pudding

මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ අලුත් අවුරුදු කාලෙට නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි. ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්, සිංහලෙන් පාන් පුඩිම..හිහී..
එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි - මිලි ලීටර් 100
බිත්තර - 2
සීනි - ග්‍රෑම් 125
පාන් පෙති - 4
වියලි මිදි-ග්‍රෑම් 10
සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්)

 මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,
ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.

ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න
.ඒක බේක් වෙනකන් උයනකොට කුස්සිය අනිත් පැත්ත පෙරලන අය ඉන්නව නම් කුස්සිය අස් කරන්න.
විනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.



 දැන් තියෙන්නෙ එළියට අරන් නිවෙන්න තියල කන්න තමා.මේක නිකන් කන්නත් පුළුවනි.ගොඩක් වෙලාවට හෝටල් වල එහෙම නම් දෙන්නෙ නිකන්.මම නම් හැදුවොත් කන්නෙ මගේ ප්‍රියතම කෑම එක්ක.අයිස් ක්‍රීම් එක්ක.එතකොට රසයි.පැණි එක්කත් රසයි.හදලා බලන්නකෝ ලේසියි වගේම සාක්කුවටත් බරක් නෑ...

1 comment: