Wednesday, December 17, 2014

කෙසෙල් මුවවලින් සම්බෝලෙයක් හදමු

 කෙසෙල් මුවවලින් සම්බෝලෙයක් හදමු



"සම්බෝල" කියන්නෙ දුප්පත් පෝසත් බේදයක් නැතුව කන්න කැමති, කිව්ව ගමන් කටට කෙළ උනන කෑමක්. විවිධ විදියේ සම්බෝල වර්ග තියනවා.
හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.
අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.

"කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා. අද කාලෙ කොහෙද අපේ ගෙවල්වල කෙසෙල් ගස්.
කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි. මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.
ඇත්තටම අපි විහිළුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි.
කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.
පටන් ගමු හදන්න.
ලපටි කෙහෙල් මුවක්
හීනියවට ගා ගත් පොල් මිටක් පමන
උම්බලකඩ කුඩු ටිකක්
රතු ලූණු ටිකක්
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමන
රස අනුව ලුනු කුඩු
දෙහි
කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න
ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා)
මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න.
රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න.
අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.
දැන් ඔබට රසවත් කෙසෙල් මුව සම්බොලයේ රස බලන්න පුළුවන්.

No comments:

Post a Comment