Friday, October 31, 2014

ගමේ රහට වම්බටු මෝජුවක් හදමු

ගමේ රහට වම්බටු මෝජුවක් හදමු 


වම්බ්ටු 500 g
පොල් තෙල් ½ l
කහකුඩු ස්වල්පයක්
ලොකු ළූණු 250 g
සුදු ළූණු බික් 3


ඉගුරු කැබල්ලක්
මිරිස් කුඩු මේස හැන්දක්
සීනි තේ හැන්දක ප්‍රමාණයක්


සාදන ක්‍රමය

හොදින් සෝදාගත් වම්බ්ටු සියල්ලෙහි නැටි  ඉවත් කොට වම්බ්ටු ගෙඩිය දෙකට කපා ඉන්පසු එය නැවතත් හතරට කපා ගන්න.(දිග තීරු ආකරයට )කහ සහ ලුනු දමා එය හොදින් කලවම් කරගත් වම්බටු  හොදින් රත් වූ තෙලෙන් බැද ගන්න. ඉන්පසු ඉගුරු,සුදු ළූණු අඹරා ගන්න. බඳුනකට විනාකිරි, මිරිස්කුඩු,හා ඉහත අඹරා ගත් මිශ්‍රනය දමා එය ලිප තබන්න. එයටම සීනි මේස හැදි 1/2 ක්. කුරුදු පොතු දමා හොදින් මිශ්‍ර කරන්න. විනාඩි 8ක් පමණ එය හොදින් මිශ්‍රකර එයට බැදගත් වම්බටු එකතු කරන්න. එයට අවශය පරිදි ලුනු දමා විනාඩි 4ක් පමණ ලිප තබන්න.
එය ආහාර සදහා පිලිගන්වන්න.

Monday, October 27, 2014

කෑම වලින් වැඩ පෙන්නීම

අද කියන්න හදන්නේ කටට කෙල උනන කලා නිර්මාණ කීපයක් ගැන.
එක ඇහුවම ඔබ පුදුම වෙයි කලා  නිරමාණ වලින් කොහොමද කටට කෙල උනන්නේ කියල. මොකද අපි ඕනෑම කලා  නිරමාණයක් රස විඳින සම්මත විදි තියනවා.සාමාන්‍යයෙන් සවන් දීමෙන් , නැරඹීමෙන් තමයි එවැනි දෙයක් රස විඳින්නේ.
නමුත් මේ කලා  නිර්මාණ නම් බැලීමෙන් විතරක් නෙමෙයි  කාල රස විදින්නත් ඔබට හැකියාව ලැබෙනවා.මොකද මේවා හදල තියෙන්නේ විවිධ  කෑමවර්ග වලින්.කෑම වලින්  වැඩ දානවා කියන්නේ අපිට නුහුරු නුපුරුදු දෙයක්. අපි නම් ඉතින් කෑමවලට වැඩේ දෙනවා මිසක් කෑමවලින් වැඩ දාන්න යන්නේ නෑනෙ.
නමුත් කෑම තියෙන්නෙ ආහාරයට ගැනීමට  විතරක් නෙමේ කියල ඔප්පු කරපු ඡායාරුප ශිපියෙක් තමයි William Kass කියන්නේ.
ඔහු විවිධ වර්ගයේ පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, කැවිලි හා කුඩා ප්‍රමාණයේ මිනිස් අනුරූ යොදාගෙන අපුරු ආකාරයේ නිර්මාණ  පෙළක් ලෝකයට ඉදිරිපත් කරලා තියනවා.පහත දැක්වෙන්නෙ ඒ ආකාරයට හදපු නිර්මාණ වල  ඡායාරුප කීපයක්.






Home made ICE CREAM. ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු

Home made ICE CREAM. ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු

අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියි.
විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම් වර්ග වෙළඳ පොළේ තියනවා. එත් අපිට ගෙදරදීම හදන අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි. එතින් අපි හිතුව ගෙදරදීම අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියල දෙන්න .
අවශ්‍ය ද්‍රව්‍ය:
කිරි ටින් 1
ජෙලටින් තේ හැඳි 01
කිරි පිටි මේස හැඳි 04
සීනි සවල්පයක්
වැනිලා
කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01
උණු හා ඇල් ජලය


සාදා ගන්නා ක්‍රමය : කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න.


 Supreme Lanka

Sunday, October 26, 2014

ගෙදරදීම Ginger Beer හදමු

ඉඟුරු(Ginger) කියන්නෙ බොහෝ ලෙඩ වර්ග සුව කිරීමට යොදාගත හැකි බෙහෙතක්.
බොහෝදෙනෙක් බඩේ අමාරුවක් බඩේ අජීර්ණ තත්ත්වයකදී වගේම කෑම රුචිය වැඩි කරගැනීම සඳහාත් ඉඟුරු මිශ්‍ර බීම වර්ග පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. 


නමුත් ඔබ බොහෝවිට පුරුදු වෙලා ඉන්නෙ කඩෙන් මිලදී ගන්න එවැනි බිම වර්ගයක් පානය කරන්න.
අද අපි කියල දෙන්නේ ගෙදරදීම ඉඟුරු බීමක් එහෙම නැත්තම් Ginger Beer එකක් සාදා ගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි 500g
අමු ඉඟුරු 150g
දෙහි යුෂ කෝප්ප 2 1/2
වියලි මිදි 500g
වතුර බෝතල් 1 1/2
සාදන ක්‍රමය
ඉඟුරුවලින් හා සීනි වලින් බාගය බැගින් ගෙන වතුර බෝතල් 1/2 ට පමණ මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කළ යුතුයි.
ඉන්පසු එම මිශ්‍රණය ඉතුරු වතුර ප්‍රමාණය සමග කලවම් කළයුතු වෙනවා. එසේ කලවම් කරගත් වතුරට දෙහි යුෂ හා වියලි මිදි යුෂ එක් කර පිළිගන්වන්න. මෙම ප්‍රමාණය වීදුරු 07 ට පමණ සෑහේ.

chiken-wade, චිකන් වඩ,

වඩේ කියන්නේ කවුරුත් කන්න කැමැති අපූරු කෑමක්.
උම්බල කඩ වඩේ, පරිප්පු වඩේ වඩේ වර්ග මේ විදිහට එක් එක් නම් වලින් වඩේ වර්ග බොහෝමයක් තියෙනවා.
අද අපි හදන හැටි කියන්න යන්නේ චිකන් කන්න කැමැති අයට චිකන් වඩේ හදා ගන්නේ කොහොමද කියලා. 

 චිකන් වඩේ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය:
 කුකුළුමස් 500g
කුඩුකරගත් කොත්තමල්ලි සූදුරැ මේස හැදි 1
බීලූනු 50g
අමුමිරිස් 50g
බිත්තර 1
ආටාපිටි 50g
කරපිංචා ස්වල්පයක්
සීසන් පවුඩර් තේ හැදි 1/2ක් හෝ සුප්කැට 1
බැදීමට තෙල්
හදා ගන්නෙ මෙහෙමයි: 
 පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපාගන්න. ඉන්පසු සිහින්ව කපාගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා, සීසන් පවුඩර් හෝ සුප් කැට, කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරැ, ආටාපිටි, තුනපහකුඩු, බිත්තරය මේ සියල්ල එකට අනාගන්න. එසේ අනාගැනීමෙන් අනතුරැව උළුදු වඩේ එකක් ආකාරයට සාදා ගැඹුරැ තෙලේ බැද ගන්න.
supreme lanka