Tuesday, November 25, 2014

චීස් කොත්තු

චීස් කොත්තු

කැමති කෑමක්.
චිකන් කොත්තු, බිත්තර කොත්තු, එළවළු කොත්තු විතරක් නෙමේ දැන් ඔන්න චීස් කොත්තුත් තියනවා.
හැමදාම කන සාමාන්‍ය කොත්තුව වෙනුවට වෙනස් කෑමක් කන්න හැමෝම කැමති වෙයි. ඒ නිසාම අපි හිතුව චීස් කොත්තු හදන විදිය කියල දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය 
රොටි 600g
කැරට් 50g
ගෝවා 50g
ලීක්ස් 100g
බිත්තර 4ක්‍
ළූණු ලොකු ගෙඩියක්
ගම්බිරිස් තේ හැඳි 2ක්
කෑලි මිරිස් මේස හැඳි 2ක්
සෝයා සෝස් මේස හැඳි 2ක්
අමු මිරිස් කරල් 5ක්
සුදු ළූණු බික් 5ක්
ලුණු අවශ්‍ය පමණට
රම්පෙ කරපිංචා ස්වල්පයක්
ඉඟුරු කැබැල්ලක්
එළවළු හොදි අවශ්‍ය පමණට
චෙඩා චීස් 200g
තෙල් මේස හැඳි 2ක්

එළවළු හොද්දට අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි කැරට් ගෙඩියක්
ලීක්ස් පොඩි ගහක්
ළූණු ගෙඩියක්
සුදු ළූණු බික් 3ක්
තක්කාලි ගෙඩි 3ක්
රම්පෙ කරපිංචා ස්වල්පයක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගම්බිරිස් මේස හැඳි 2ක්
තුනපහ කුඩු තේ හැඳි 2ක්
ලුණු අවශ්‍ය පමණට
තෙල් මේස හැඳි 2ක්
පොල්කිරි දියකිරි හා මිටිකිරි
මුලින්ම භාජනයක් ලිප තබා තෙල් ටික එක්කරන්න. එයට සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු අඩිය දමා කලවම් කර එයටම බිත්තර ටික එක් කරගෙන කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු දමා පසුව කපාගත් ගෝවා, ලීක්ස්, එළවළු කැබලි දමාගන්න. ඉන්පසු කොටු හැඩයට කුඩාවට කපාගත් රොටි කැබලිද එයට එක් කර සාදාගත් එළවළු හොදි ඇති පමණට එක් කරන්න. මෙයටම සෝයා සෝස් හා අවසානයේ චීස්ද එක් කර රසගන්වන්න.


www.supremenet.biz

No comments:

Post a Comment