පාන් පුඩිම| bread pudding
මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන
පුංචි පහේ අතුරු පසක්..මේ අලුත් අවුරුදු කාලෙට නිවාඩු පාඩුවෙ ලේසියෙන්
හදන්න පුළුවනි. ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්, සිංහලෙන් පාන්
පුඩිම..හිහී..
එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි - මිලි ලීටර් 100
බිත්තර - 2
සීනි - ග්‍රෑම් 125
පාන් පෙති - 4
වියලි මිදි-ග්‍රෑම් 10
සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්)
මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,
ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර්
ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා
තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි
කැමති විදියට ලස්සනට තියාගන්න.
ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක
පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න
හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන
නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.
ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි
10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට
විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට
වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක
තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න
.ඒක බේක් වෙනකන් උයනකොට කුස්සිය අනිත් පැත්ත පෙරලන අය ඉන්නව නම් කුස්සිය අස් කරන්න.
විනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත්
පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ
ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.
දැන් තියෙන්නෙ එළියට අරන් නිවෙන්න තියල
කන්න තමා.මේක නිකන් කන්නත් පුළුවනි.ගොඩක් වෙලාවට හෝටල් වල එහෙම නම් දෙන්නෙ
නිකන්.මම නම් හැදුවොත් කන්නෙ මගේ ප්‍රියතම කෑම එක්ක.අයිස් ක්‍රීම්
එක්ක.එතකොට රසයි.පැණි එක්කත් රසයි.හදලා බලන්නකෝ ලේසියි වගේම සාක්කුවටත්
බරක් නෑ...
Saturday, November 29, 2014
Tuesday, November 25, 2014
චීස් කොත්තු
චීස් කොත්තු
කැමති කෑමක්.
චිකන් කොත්තු, බිත්තර කොත්තු, එළවළු කොත්තු විතරක් නෙමේ දැන් ඔන්න චීස් කොත්තුත් තියනවා.
හැමදාම කන සාමාන්‍ය කොත්තුව වෙනුවට වෙනස් කෑමක් කන්න හැමෝම කැමති වෙයි. ඒ නිසාම අපි හිතුව චීස් කොත්තු හදන විදිය කියල දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
රොටි 600g
කැරට් 50g
ගෝවා 50g
ලීක්ස් 100g
බිත්තර 4ක්
ළූණු ලොකු ගෙඩියක්
ගම්බිරිස් තේ හැඳි 2ක්
කෑලි මිරිස් මේස හැඳි 2ක්
සෝයා සෝස් මේස හැඳි 2ක්
අමු මිරිස් කරල් 5ක්
සුදු ළූණු බික් 5ක්
ලුණු අවශ්‍ය පමණට
රම්පෙ කරපිංචා ස්වල්පයක්
ඉඟුරු කැබැල්ලක්
එළවළු හොදි අවශ්‍ය පමණට
චෙඩා චීස් 200g
තෙල් මේස හැඳි 2ක්
එළවළු හොද්දට අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි කැරට් ගෙඩියක්
ලීක්ස් පොඩි ගහක්
ළූණු ගෙඩියක්
සුදු ළූණු බික් 3ක්
තක්කාලි ගෙඩි 3ක්
රම්පෙ කරපිංචා ස්වල්පයක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගම්බිරිස් මේස හැඳි 2ක්
තුනපහ කුඩු තේ හැඳි 2ක්
ලුණු අවශ්‍ය පමණට
තෙල් මේස හැඳි 2ක්
පොල්කිරි දියකිරි හා මිටිකිරි
මුලින්ම භාජනයක් ලිප තබා තෙල් ටික එක්කරන්න. එයට සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු අඩිය දමා කලවම් කර එයටම බිත්තර ටික එක් කරගෙන කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු දමා පසුව කපාගත් ගෝවා, ලීක්ස්, එළවළු කැබලි දමාගන්න. ඉන්පසු කොටු හැඩයට කුඩාවට කපාගත් රොටි කැබලිද එයට එක් කර සාදාගත් එළවළු හොදි ඇති පමණට එක් කරන්න. මෙයටම සෝයා සෝස් හා අවසානයේ චීස්ද එක් කර රසගන්වන්න.
www.supremenet.biz

Sunday, November 23, 2014
හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු
ඔබට කවදා හෝ තරු පහේ හෝටලයක කෑමකට ගොස් ඇති.
එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඔබ හිතයි මොකටද මම හැඳිගෑරුප්පු වලින් කන්න ඉගෙන ගන්නේ කියල. කෙසේ වෙතත් ඕනෑම දෙයක් පිලිබඳ දැනුම ලබාගෙන තිබීම වැදගත්නේ. අනික් කාරණය වන්නේ ඔබට මේ සිරිත් අනිවාර්යෙන්ම භාවිත කරන්න ඕන කියල ගැටළුවකුත් නෑ . මොකද බොහෝ විට මේ ආහාර ගැනීමේ සංස්කෘති කීපයක්ම ලෝකය තුල පවතින නිසා. වැදගත් වන්නේ අනිත් අය අපහසුතාවයක් නොවන පරිදි ප්‍රසන්න ලෙස ආහාර ගැනීම පමණයි. ඒ නිසා අපි හිතුව සුපිරි හෝටලයකට කෑමකට ගියාම අනුගමනය කරන්න ඕන සිරිත් ටිකක් ඔබට කියල දෙන්න.
ඔබ ආහාර ගැනීමට පෙර මෙසට මත තිබෙන අත් පිස්නාව (napkin )ඔබේ උකුල මත එල ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය මත ඉඩ මදි වෙන්න පුළුවන්. ඒවගේම ඔබ නූඩ්ල්ස් හෝ සුප් වැනි දියරමය වැගිරෙන සුළු දෙයක් ආහාරයට ගන්නවානම් අත් පිස්නය (napkin ) ඔබේ බෙල්ලේ රඳවාගැනීම වැඩ හොඳයි.
මෙයින් ආහාර ඔබේ ඇඳුම් මත වැටීම වැළකෙනවා. ඒවගේම ආහාර ගන්න අතරමග ඔබ මේසයෙන් නැගිට යනවනම් අත්පිස්නාව මේසය මත ඔබේ ගෑරුප්පුවට වම් පැත්තෙන් තබා යාම උචිතයි.
මීලගට වැදගත් වන්නේ කෑම ගන්නා පිලිවෙලයි. යුරෝපීය ක්‍රමයට අනුව කෑම වේල කොටස් කිහිපයකට බෙදා සංග්‍රහ කෙරෙනවා. එවැනි කෑම වේලකදී මුලින්ම ගත යුත්තේ සුප් එකකි, සුප් එක සමග පාන් හෝ බනිස් වර්ගයක් පිළිගන්වයි . එසේත් නොමැතිනම් සුප් එක නොමැතිව පාන් හෝ බනිස් බටර් සමග ලබා දිය හැක. මේ සියල්ලට පසුව තමයි ප්‍රධාන කෑමවෙලා ලබාගැනීම සිදු කරන්නෙ. නමුත් ඔබට අවශ්‍ය නම් වෙනත් අමතර ආහාර වලින් තොරවම ප්‍රධාන ආහාර වේල භුක්ති විඳින්න පුළුවන්.
ඔබ සුප් පානය අතර තුර පාන් පෙත්තක් හෝ බනිස් ගෙඩියක් කෑමට ගත හැක. මුලින්ම පාන් පෙත්ත හෝ බනිස් එක සපයා ඇති පොඩි පිගානකට දමාගෙන සුප් පානය කරන අතරතුර පාන් පෙත්ත හෝ බනිස් එක අත භාවිතා කරමින් ආහාරයට ගන්න . එසේම ඔබට අවශ්‍යනම් පාන් සුප් වල පොගවාගෙන කන්නත් පුළුවන්. සුප් ටිකක් හැන්ඳට පුරවා පාන් කැබැල්ල හැන්ද තුල ඇති සුප් වල බහා පාන් කෑල්ල ආහාරයට ගත හැක.
උපකරණ භාවිතය
සාමාන්‍යයෙන් අපි නොදන්නම දෙයක් තමයි හරි විදියට ආහාර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියල. සාමාන්‍යයෙන් හැදි හා පිහි තබන්නේ දකුනු පසිනි. ගෑරුප්පු වම් පසින් තබනු ලබයි. මුලින්ම භාවිතා කල යුත්තේ පිටතින්ම ඇති හැන්ද හා ගෑරුප්පුවයි.
ගෑරුප්පුව භාවිතා කිරීමට කැමති අතක් භාවිතාකල හැක. නමුත් ගෑරුප්පුව හා හැන්ද එකම විට භාවිතා කරන විට ගෑරුප්පුව වම් අතෙහි තිබිය යුතු වේ . කෑම ගෙන ඉවර වූ පසු ගෑරුප්පුව හා පිහිය පිගාන මත තැබිය යුතුය. මේසය මත තියන හැඳි වලින් ලොකුම හැන්ද සුප් බිම සඳහා තමයි භාවිත කරන්නේ. ඒවගේම තිරස් ලෙස තබා තිබෙන උපකරණ යොදාගන්නේ අතුරුපස රස විඳීම සඳහා පමණයි.
අවම වශයෙන් වීදුරු වර්ග තුනක් කෑම මේසය මත විය යුතුය. සුදු වයින් සදහා හා රතු වයින් සදහාය. මීට අමතරව වතුර සදහා තවත් වීදුරුවක් වේ. විශාලම වීදුරුව රතු වයින් සදහා වේ. ඉතිරි දෙකෙන් කුඩා කට සහිත වීදුරුව සුදු වයින් සදහා වන අතර ඉතිරි වීදුරුව වතුර සදහා වේ.
පාන් හෝ බනිස් බටර් සමග ආහාරයට ගන්නා විට මුලින්ම බටර් ගෙන කුඩා පිගානකට දමා ගන්න. ඉන්පසු බටර් පාන් පෙත්තට ගා ගැනීමට බටර් ගෑමට ගන්නා පිහිය යොදාගන්න. දකුනු අතින් පිහිය ගෙන තම පිගාන මත ඇති බටර් වලින් ටිකක් ගෙන එය පාන් පෙත්ත මත ගාගන්න.
බටර් ගාගැනීමට අවසන් වූ පසු පිහිය පාන් ආහාරයට ගන්නා පිගාන මත දකුනු පසට වන්න තබන්න. පාන්, බනිස් අතින් කඩා ගෙන කෑම ප්‍රශ්නයක් නොවේ.
ඔබ ආහාර ගන්න අතරතුර මදකට නවත්වනවානම් භාවිත කරන හැන්ද සහ ගෑරුප්පුව පිගන මතම තිබීමට සැලැස්විය යුතුයි. ආහාරගෙන අවසන් නම් පහත ආකාරයට උපකරණ තැබිය යුතුයි.
ඒවගේම ඔබ භාවිත කල පිහියේ මුවහත පිගන මැදට සිටින සේ තැබීම සුදුසුයි. යම්කිසි පුද්ගලයෙක් ඔබේ උපකරණ වැරදීමකින් භාවිත කරන බව දැක්කොත් ඔබට පුළුවන් සේවකයෙකු අමතා ඔබ සඳහා නැවත එකක් ලබාගන්න.
supreme lanka
Friday, November 21, 2014
කකුළු බැඳුම fried crabs
කකුළු බැඳුම fried crabs
කකුළුවන් කන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ නිසාම අපි කියලා දෙන්න හදන්නේ කොහොමද කටට රසට කන්න කකුලුවන් බැදුමක් සාදා ගන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
කලපු කකුළුවන් 500
ලුණු පදමට
දෙහි පදමට
ගම්මිරිස් පදමට
කකුලුවන් බැද ගැනිමට තෙල්
සාදන ක්‍රමය
කකුළුවන් කපා හොඳින් පිරිසිදු කර රත් වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න. ලුණු දෙහි ගම්මිරිස් එකට මිශ්‍ර කර ගන්න. දැන් සුදුසු භාජනයක් ලිප තබා හොඳින් රත් වන්නට හැර බැදගත් කකුළුවන් සහ සාදා ගත් මිශ්‍රණය දමා ගින්දර වැඩි කර කලවම් කර ගන්න.

Thursday, November 20, 2014
බිම්මල් කරියක් හදමු Mushroom Curry
බිම්මල් කරියක් හදමු Mushroom Curry
බිම්මල් කියන්නේ ලොකු පුංචි කවුරුත් එක වගේම කන්න කැමැති ඉතාමත් ගුණ දායක කෑමක්.
කුකුළු මස් කරියක් වගේ හදා ගත්තම එකක් එක්ක වුණත් කන්න පුළුවන් කියන එක තමයි හැමෝගෙම මතය.
ඉතින් ඒකට ඕන මෙන්න මේවා
බිම්මල් ග්‍රෑම් 350
කපාගත් රතුලූනු ග්‍රෑම් 50
කපාගත් අමු මිරිස් කරල් 04
සුදුලූනු බික් 04
කරපිංචා කිනිත්තක්
තුන පහ කුඩු තේ හැඳි 1/2
තක්කාලි ගෙඩි 01
පදමට ලුණු
තෙල් මේස හැඳි 02
මිටි කිරි අඩු කෝප්ප 01
සාදන ක්‍රමය
බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. මැටි වලඳක් ලිප තබා එයට තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකර දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.

Monday, November 10, 2014
පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla
පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla
මේක ස්පාඥයේ සම්ප්‍රදායකකෑමක්. ඒ වගේම අංග සම්පූර්ණ අහාර වේලක්. අපේ ඔම්ලට් එකට ටිකක් සමාන නමුත් ඊට වඩා ටිකක් ගනකමින් වැඩියි, මෘදුයි .
මේක හදන්න ඉතාම සුළු දේවල් ටිකක් තමයි ඕන කරන්නේ. අල ළුණු වගේ. හැබැයි හැදුවට පස්සේ වෙන කිසි දෙයකට සමාන කරන්න බැහැ !
හතර දෙනෙකුට අවශ්‍ය කරන අමුද්රව්ව්ය ..
- කහපාට අර්තාපල් කිලෝ 1.
- ලොකු රටළුණු ගෙඩි 1.
- බිත්තර 4
- පර්ස්ලි (Prezzemolo)
- බදින්න තෙල්.
මුලින්ම අල සුද්දකර සේ.මී 1ක් පමණ කෑලි වලට කපා ගන්න. රටළුණු ගෙඩියත් ලොකුවට කපාගන්න. ලොකු තාච්චියක තෙල් රත්කර අල කැබලි දමන්න.මදගින්නේ බැදෙන්න හරින්න.
මෙය හෙමිහිට බැදුණු පසු කපාගත් රටළුණු සහ ලුණු කුඩු එක්කර කලවම් කරන්න. මද වෙලාවකින් ඉවතට ගෙන වැඩිපුර තෙල් ඉවත් කිරීමට පෙනේරයක විනාඩි 15-20 පමණ දමා තබන්න.
මේ අතර බිත්තර ගසා ලුණු සහ පර්ස්ලි එක්කර බැදගත් අල සමග මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය තාච්චියට දමා මදගින්නේ විනාඩි 10ක් පමණ බැදගන්න. පියන ආධාරයෙන් තොර්තිල්ලා එක හරවා අනිත් පැත්තත් බද ගන්න.
දැන් මේසයට යවන්න සුදානම්.
පර්ස්ලි කොළ ටිකක් උඩින් දමා සරසා උනුවෙන්ම කෑමට ගන්න.

Sunday, November 9, 2014
සුවඳ නැති කෑම මොකටද?
ආහාරයක රුචිකත්වය
වඩන්නට හුඟාක් පිරිස් වර්ණ ගැන්වීම ආදී නොයෙක් දේ අනුගමනය කරනවා.වර්ණය වගේම
සුවඳත් එහි වැදගත්ම කොටසක්.රම්පෙ,කරපිංචා,කුරුඳු,සේර වැනි අතිරේක ද්‍රව්‍ය
ආහාරයකට එකතු කිරීමේ ප්‍රධානම අපෙක්ෂාව සුවඳ උවත් මෙය පරි රක්ෂකයක් වගෙම
රුචිකත්වය වඩාලීමේ උපකාරකයක් ද වෙනවා.
අප ආහාරයක් බඩ පිරෙන්න නෙමෙයි හිත පිරෙන්න. මොලයේ තියෙනව ඉතා සංවේදී කොටස්,එමඟින් සුවඳ සහ රසය මිශ්රවෙලා අපට සංවෙදන කරනවා. මේ සුවඳ ''ඇපටයිම්'' නිසා ආහාර රුචිකත්වයක් ඇතිවෙනවා. මේ රුචිකත්වය වැඩිවෙත්ම ආහාර ගැනීමේ අවශ්‍යතාවයේද වැඩිවිමක් සිදුවෙනවා.
ඇතැම් වෑංජන මස් මාංශ වර්ග අප බෙදා ගන්න ප්‍රමාණයවත් කෑමට ගත නොහැකි තත්වයක් තිබෙනවා. නමුත් මේ තත්වය මඟහැරීමක් ඉහත කී අතිරේක ආහාර ද්‍රව්‍ය යොදාගැනීමෙන් සිදුවෙනවා. තවත් දෙයක් තමයි මෙහි පරිරක්ෂක ස්වභාවය.ඇඹුල් තියල් මීට හොඳම උදාහරණය. මෙයට යොදන ''ගොරක''නිසා මාලු යම් කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.
වැදගත්ම කාරණය තමයි ආහාර සඳහා යොදා ගන්නා කරපිංචා. ඇතැම් පිරිස් මෙය ඉවතලනවා. නමුත් එයද ආහාරයට ගැනීමෙන් කොලොස්ට්‍රෝල් ප්‍රමාණය අඩුකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම විටමින් ඒ වගේම විටමින් ඒ ද ඔබේ ශරිරයට ලබා ගැනීමෙන් එකී විෂ නැසීමේඒ වගේම විටමින් ඒ ද ඔබේ ශරිරයට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ සාදා ගන්නා ආහාරයේ යම් කිසි විෂක් නිෂ්පාදනය වී ඇත්නම් මේ කහ,ඉඟුරු යොද ගැනීමෙන් එකි විෂ නැසීමේ හැකියාවක් තිබෙනවා. තව දෙයක්,කුරුඳු ගත්තහම ඒ තුළ තිබෙනවා ශරීරයේ සීනි තත්වය පාලනය කිරීමේ හැකියාව. එමඟින් දියවැඩියාව වැනි රෝග තත්වයන්ගෙන් මිදිමට ද පුලුවන්.
ආපනශාලා තුල බත් පිසීමේදී පවා රම්පේ යොදා ගැනීමට පෙළඹිලා තියෙනවා.එමඟින් සුවඳ රසය මේ හැමදේම ලැබෙනවා. නමුත් ඇතැම් ආපනශාලා හිමියන් බත් පිසිමේදි ඒ තුලට කරුංකා ගෙඩියක් කැබැලිකර මෙයට එකතුකරනවා. එවිට හැකිතරම් බෙදාගෙන කෑමේ හැකියාව තිබුණත් අපි හිතනතරම් ආහාරයට ගන්නට නොහැකියි. එවැනි ආයතනයත් නැතුවාම නොවෙයි. කෙසේ උවත් මේ කුළුබඩු ආහාරයට එකතුකිරිමෙන් සුවඳ,රසය,ආහාර රුචිකත්වය,පරිරක්ෂණය වගේම පෙනිමඔබේ සමේ පැහැයද වර්ධනය කරගැනීමේ හැකියාවද තිබෙනවා. ඔබ නිරෝගීමත් ලස්සන දිවිපෙවෙතක් ගතකිරීමේ භාග්‍යයට උරුමකම් කියනවාද යන්න ඔබම මදක් සිතාබලන්න.

Saturday, November 8, 2014
තැඹිලි වයින් හදමු
තැඹිලි වයින් හදමු
මේ වයින් ඔබට අවශ්‍ය ඕනෑම උත්සව අවස්ථාවක් රසවත් කරන්න යොදාගන්න පුළුවන්.
අවශ්‍ය දෑ:-
තැඹිලි වතුර බෝතල 6 යි.(6L)
සීනි 2.5 kgයි
ඊස්ට් තේ හැඳි 9 යි
කුරුඳු කෑල්ලක්
ලෙමන් ගෙඩි 4 ක යුෂ
කරදමුංගු කරාබුනැටි 6 බැගින්
කැරමල් සීනි 120g යි(කැරමල් සීනි යනු, සීනි කර කර පාට වීම සඳහා මෙයට කලවම් කිරීමයි)
සාදන ක්‍රමය:-
ඊස්ට් තැඹිලි වතුර කෝප්පයක දිය කර ගන්න.ඉතුරු තැඹිලි වතුර බඳුනකට දමා සීනි දමා හොදින් දිය කරගන්න.පසුව සියල්ලම එකම භාජනයකට දමා ඊට තලාගත් කරන්දමුන්ගු, කරාබුනැටි, ලෙමන් ගෙඩි 4 ක යුෂ හා කුරුදු කැබලිද දමන්න.
පිරිසුදු රෙදි කෑල්ලකින් භාජනයේ කට වසා බැඳ දවස් 10 ක් තබන්න.පසුව එය පෙරා කැරමල්ද දමා තවත් සති 1 1/2ක් තබන්න. නැවතත් පෙරා (ඉතා හොදින් ෆිල්ටර් කර ගත් පසු )වීදුරු බෝතල් වල හසුරන්න.
මෙය සති දෙකකට වැඩි කාලයක් තැබුවොත් ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි විය හැක. එසේ වූවාට ප්‍රශ්නයක් නැතිනම් මාසයක් දෙකක් තබාගෙන බීමට ගන්න

Subscribe to:
Posts (Atom)